Jump to content

අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය

විකිපීඩියා වෙතින්
11:12, 11 මාර්තු 2013 වන විට Legobot (සාකච්ඡාව | දායකත්ව) (Bot: Migrating 40 interwiki links, now provided by Wikidata on d:q7983 (translate me)) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
ගොනුව:Imologo.png
අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයේ නිල ලාංඡනය.

අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය (International Mathematical Olympiad: IMO) යනු ‍අවුරුදු 20ට පහළ සිසුන් සඳහා වාර්ෂිකව පැවැත්වෙන ගණිත ලෝක ශූරතාවයයි. මුළු ලකුණු 42ක් ලබා ගත හැකි ගණිත ගැටලු 6කින් සමන්විත වන මෙය අන්තර්ජාතික විද්‍යා ඔලිම්පියාඩ අතරින් ආදිතම එක වෙයි. මුල්ම අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය 1959 දී රුමේනියාවේ දී පැවැත්වුණු අතර එතැන් පටන් සෑම වසරකදීම (1980 දී හැර) පැවැත්විණි. 1959දී රටවල් කිහිපයක සහභාගීත්වයෙන් ඇරඹුණු මෙයට අද රටවල් 100කට වඩා සහභාගී වෙයි. මෙම සෑම රටකටම තරගකරුවන් 6 දෙනෙකු, නායකයෙකු, උප නායකයෙකු සහ නිරීක්‍ෂකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තරගාවලියට ඉදිරිපත් කළ හැකිය.