Jump to content

කාල විස්තාරණය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
වැඩ කරන ඔරලෝසු දෙකක් විවිධ ත්වරණයන්ගෙන් පසු විවිධ වේලාවන් වාර්තා කරන්නේ ඇයි දැයි කාල විස්තාරණය පැහැදිලි කරයි. නිදසුනක් වශයෙන්, ගත වූ සෑම පෘථිවි මාස 12 කටම තත්පර 0.01 ක් පසුගාමී වෙමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ හි කාලය මන්දගාමී වේ. ජීපීඑස් චන්ද්‍රිකා වැඩ කිරීමට නම් පෘථිවියේ පද්ධති සමඟ නිසි ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා අවකාශයේ කාලය නැවීම සැළකිල්ලට ගෙන ඒවා සකස් කළ යුතුය. [1]

සාපෙක්ෂතාවාදයේදී, කාල විස්තාරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඔරලෝසු දෙකක ගත වී ඇති කාලය දැක්වීමේදි පෙන්වන කාල වෙනසයි. මෙය සිදුවන්නේ ඔරලෝසු දෙක අතර සාපේක්ෂ ප්‍රවේගයේ වෙනස නිසා හෝ ඔරලෝසු දෙක පිහිටි ස්ථානයන් හි ඇති ගුරුත්ව විභවයේ වෙනස නිසායි.

සංචලනය වෙන ඔරලෝසුවක් සහ නිරීක්ෂකයෙක් අතර වෙනස්වන දුර ප්‍රමාණය නිසා ඇතිවෙන සංඥා ප්‍රමාදයට හානිපූරණය කිරීමෙන් පසුව (ඩොප්ලර් ආචරණය), නිරීක්ෂකයාට පෙනෙන්නේ ගමන් කරන ඔරලෝසුවේ කාලය ගතවීම පෙන්වන්නේ, තමා ලඟ ඇති ඔරලෝසුවකට වඩා හෙමින් බවයි. මීට අමතරව, විශාල වස්තුවකට ආසන්නව (එනම් අඩු ගුරුත්ව විභවයක) පිහිටි ඔරලෝසුවක් 'ගතවූ කාලය' දක්වන්නේ, එම විශාල වස්තුවට ඈතින් තිබෙන ඔරලෝසුවකට වඩා අඩුවෙනුයි.

සාපේක්ෂතාවාදයට අදාල මෙම පුරෝකථිතයන් අත්හදා බැලීම මගින් නැවත නැවත ඔප්පු කර තිබේ. එමෙන්ම ඒවා GPS සහ Galileo වැනි චන්ද්‍රිකා යාත්‍රණයන් මෙහෙයවීමේදි ප්‍රායෝගිකව ද යොදා ගැනේ. කාල විස්තාරණය විද්‍යා ප්‍රබන්ධයන්ගේ ද නිතර දක්නට ලැබේ.

මූලාශ්‍ර

  1. ^ Ashby, Neil (2003). "Relativity in the Global Positioning System". Living Reviews in Relativity. 6 (1): 16. Bibcode:2003LRR.....6....1A. doi:10.12942/lrr-2003-1. PMC 5253894. PMID 28163638.
"https://si.wikipedia.org/w/index.php?title=කාල_විස්තාරණය&oldid=509359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි