Firefox Focus

හුදෙක් පෞද්ගලික ජංගම පිරික්සීමකට

Firefox Focus යනු ස්වයංක්‍රීය ලුහුබැඳීමේ රැකවරණය සහිත ඔබගේ සමර්පිත රහස්‍යතා අතිරික්සුවයි. Focus මගින් පිටු වේගයෙන් පූරණය කරන අතර ඔබගේ දත්ත පෞද්ගලිකව පවතී.

අයිඕඑස් සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox Focus තිබේ.

Firefox Focus ගන්න

QR කේතය සුපිරික්සන්න

Firefox Focus ගැනීමට QR කේතය සුපිරික්සන්න

ඔබගේ ඉතිහාසය මකන්න

ඔබගේ ඉතිහාසය, මුරපද සහ දත්තකඩ පහසුවෙන් මකා දමන්න, එමගින් අනවශ්‍ය දැන්වීම් ඔබව මාර්ගගතව හඹා යාම වළක්වයි. සෙවුම් ක්‍ෂේත්‍රයේ මකන්න බොත්තම මත තට්ටු කරන්න.

පෞද්ගලික ප්‍රකාරය ඊළඟ මට්ටමට ගෙනයන්න

බොහෝ අතිරික්සුවල “පෞද්ගලික පිරික්සුම” ඇත්ත වශයෙන්ම එතරම් පෞද්ගලික නොවේ. Firefox Focus නිතැතින්ම ඊළඟ මට්ටමේ පෞද්ගලිකත්‍වයක් පිරිනමන අතර එය අන්තර්ජාලයෙහි ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ලාභ නොලබන Mozilla වෙතින්ය.

ලුහුබැඳීමේ රැකවරණය

Firefox Focus මගින් සමාජ ලුහුබැඳීම් සහ සවිව තිබෙන ෆේස්බුක් දැන්වීම් වැනි දෑ ඇතුළුව පුළුල් පරාසයක පොදු ලුහුබැඳීම් අවහිර කරයි.

සියල්ල ඉක්මනින් බලන්න

Focus මගින් ලුහුබැඳීම් ඉවත් කරන බැවින් ඔබ නරඹන පිටු සඳහා අඩු දත්ත ප්‍රමාණයක් වැය වන අතර ඉතා වේගයෙන් පූරණය වේ. එසේම, ඔබගේ මුල් තිරයට කෙටිමං හතරක් දක්වා ඇමිණීමෙන් කිසිවක් ලිවීමෙන් තොරව ඔබගේ ප්‍රියතම අඩවියට ඉතා ඉක්මනින් ගොඩවැදීමට හැකිය.

Mozilla නිෂ්පාදනයකි

අන්තර්ජාලයෙහි සැමට තම ජීවිතය පාලනය කර ගැනීමට හැකි විය යුතු යැයි විශ්වාස කරන්නෙමු. අපි ඒ සඳහා සටන් කරන්නේ 1998 සිටය.