Jump to content

ට්විටර්

විකිපීඩියා වෙතින්
X
URLx.com
අන්තර්ගත භාෂාබහුභාෂා
හිමිකරු
  • Odeo (මාර්තු-ඔක්තෝබර් 2006)
  • Obvious Corporation (2006-2007)
  • Twitter, Inc. (2007-2023)
  • X Corp. (2023–වර්තමානය)
වර්තමාන තත්ත්වයක්‍රියාකාරී

2023 ජුලි සිට X ලෙස සන්නාම වෙනස් කරන ලද ට්විටර් (ඉංග්‍රීසි: Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ. ට්විටර් ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.

ඉතිහාසය

[සංස්කරණය]

ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාලයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.

ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නම යෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරාව දාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.

නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි. ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි.

2022 ඔක්තොම්බර් මසදී, ඇමරිකානු ඩොලර් බිලියන 44 කට ට්විටර් මිලදී ගත් බිලියනපති ඊලෝන් මස්ක් එහි නව ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පත් විය. මස්ක්ගේ මිළදී ගැනීමෙන් අනතුරුව, ට්විටර් හී වෛරී ප්‍රකාශ ඇතුලත් අන්තර්ගතයන්ගේ ඉහළ යාම පිළිබඳව විවේචන එල්ල වී ඇත. 2023 ජුනි 5 වැනිදා, මස්ක් ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් ඉවත් වූ අතර, ලින්ඩා යකරිනෝ එම ධුරයට පත් විය. එහෙත් මස්ක් තවදුරටත් ආයතනයේ සභාපති සහ ප්‍රධාන තාක්ෂණික නිළධාරී ධුරයන් හොබවයි. 2023 ජුලි හිදී නිවේදනයක් නිකුත් කරමින් මස්ක් ප්‍රකාශ කළේ, ට්විටර් හි සන්නාමය X (එක්ස්) ලෙස වෙනස් කරන බවටත්, පක්ෂියෙකුගේ සළකුණින් යුත් පැරණි ට්විටර් ලාංඡනය ඉවත් කෙරෙන බවත් ය.

මූලාශ්‍ර

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ට්විටර්&oldid=691415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි