Jump to content

තෙරැපිවු දිය පිළිකරනය

විකිපීඩියා වෙතින්
තෙරැපිවු දිය පිළිකරන vessel හිස්වලැ සේයාරුවක් - නැබියුරු නියාමන කමිසුව
සිසිලුම් අටලු සහිත තෙ.දි.පි. බල පොළක සජීවිකරණයක්.

තෙරැපිවු දිය පිළිකරනයක් (PWR)[1][2] යනු සැහැල්ලු-දිය නැබියුරු පිළිකරන පන්නෙකි. ලොවැ නැබියුරු පිළියතිවලින් විසල් බහුතරයක් (එක්සත් රජදහන, ජපානය හා කැනැඩාව හා යන සැලකියැ යුතු ව්‍යතිරේකයන් සමඟ) තෙ.දි.පි. වලින් යුතුයි. තෙ.දි.පි.යකැ දී, පළමුවැරි සිසිලනකාරකය වැඩි තෙරපුවක් යටතේ පිළිකරනයේ හරය වෙත පොම්ප කෙරෙන අතර එහි දී එය පරමාණුවලැ විපැලුම මගින් නිකිති ඔදෙන් රත් වේ. රත් වූ, වැඩි තෙරපු දිය පසු වැ දියදුම් දනවනයකට ගලන අතර, එහි දී එය දියදුම දැනැවෙන දෙවැරි සැටියකැ ඇති අඩු තෙරපු දිය වෙත සිය තැප් ඔද මාරු කරයි. එ විටැ දියදුම විදිලි දනවනය කරකවන තලබමනය දුවවයි. මෙහි දී පැහෙන දිය පිළිකරනයකට (BWR) පිළිවිරැදු වැ, පළමුවැරි සිසිලනකාරක ලූපයේ තෙරපුව පිළිකරනය තුළැ ඇති දිය පැසීම වළකයි. සෑම සැහැල්ලු දිය පිළිකරනයක් මැ සිසිලනකාරකය හා නෑලිරොන් මධ්‍යස්ථකය හා ලෙස සැමැනි දිය ගනී. බොහෝ විටැ සිරස් වැ සවිකැරැ ඇති දියදුම් දනවන, දෙකේ සිටැ හතර දක්වා ඕනෑම තැනකැ යොදාගැනේ; දිය-දිය ඔදවත් පිළිකරනයකැ [3] තිරස් දියදුම් දනවන යොදාගැනේ.

  1. පීඩන ජල ප්‍රතික්‍රියාකාරකය (Google Translator)
  2. තෙරපයි - press (verb); තෙරපුව - pressure; තෙරපුවයි - pressurize (verb)
  3. water-water energetic reactor (WWER) or VVER (from Russian) - vodo-vodyanoi enyergeticheskiy reaktor