Jump to content

විග්වෑම් - බොබ් ඩිලන්ගේ ගීතයක්

විකිපීඩියා වෙතින්
"Wigwam"
ගීතය ගයන්නේ Bob Dylan
Self Portrait ඇල්බමයෙනි
B-side"Copper Kettle"
මුදාහැරුණේ1970
ආකෘතිය7" single
පටිගත කළේMarch 1970
ගණයකන්ට්‍රි රොක් (Country rock)
දිග3:06 (album version)
3:28 (single version)[1]
ලේබලයකොලුම්බියා (Columbia)
ගීතරචක(යන්)බොබ් ඩිලන් (Bob Dylan)
Producer(s)බොබ් ජොන්ස්ටන් (Bob Johnston)

"විග්වෑම්" යනු බොබ් ඩිලන්ගේ (Bob Dylan) 1970 වසරේදී නිකුත් වූ සෙල්ෆ් පෝට්‍රේට් (Self Portrait) ඇල්බමයේ ගීතයකි. මෙම ගීතය ලොව පුරා රටවල් කිහිපයක හොඳම ගීත 10 අතරට පමීණීමට සමත් විය. එමෙන්ම මෙහි මූලික ගීතය තුල "ලා-ලා" ලෙස කටහන්ඬින් කරනු ලබන මුඛ ඛන්ඩ ඇතුලත් වන අතර 1970 මාර්තු මස මුල නිව් යෝක් නගරයේදී පටිගත කෙරන ලදි. එම මස අගදී ගීතයේ නිෂ්පාදකවරයා වන බොබ් ජොන්ස්ටන් (Bob Johnston) ඝන (පිත්තල) සංගීත භාණ්ඩ යොදාගෙන පෙර තිබූ ගීතය වඩාත් ගුණවත් කෙරන ලදී. මෙය "නැෂ්විල්" හිදී පටිගත කරන ලද අතර "ටෙනිසී" හිදී පවති ප්‍රසංගයකදී ඩිලන් ගේ සහභාගිත්වයකින් තොරව ඉදිරිපත් කරන ලදී.

ගීතය සඳහා වූ විවේචන බෙහෙවින් සුභවදී වූ අතර විචාරකයෝ එය සෙල්ෆ් පෝට්‍රේට් ඇල්බමය තීව්‍ර කිරීමට සමත් වූ බව පවසූහ. සමහර කලාකරුවෝ මෙම ගීතයේ තවත් සංස්කරණ නිර්මාණය කළහ. ඒ අතරින් ජර්මන් ජාතික ඩ්‍රා‍ෆි ඩ්යුට්ස්චර් (Drafi Deutcher) ගේ සංස්කරණය එවකට ජර්මනියේ හොඳම ගීත 20 අතරට පැමිණීමට සමත් විය.

පටිගතකිරීම

[සංස්කරණය]

ඩිලන්ගේ සෙල්ෆ් පෝට්‍රේට් ඇල්බමය පටිගත කරන අතරතුර "විග්වෑම්" ගීතය පටිගත කරන ලද අතර බොබ් ජොන්ස්ටන් (Bob Johnston) එහි නිෂ්පාදකවරයා විය.[2] "විග්වෑම්" ගීතයේ මූලික සංස්කරණය සෙල්ෆ් පෝට්‍රේට් අල්බමයේ මුල් ගීතය ලෙස යොදන ලද අතර 1970 මාර්තු මසදී නිව් යෝක්හී පිහිටි කොළොම්බියා ශබ්දාගාරයේදී පටිගත කරන ලදී.[2][3] ඩිලන්ගේ චරිතකථාකරු ක්ලින්ටන් හෙයිලින් (Clinton Heylin) විසින්, මෙම ගීතය මාර්තු මස මුලදී පටිගත කෙරූ බව ලියන ලදී. එම සැසියේදී "පෝල් සයිමන් (Paul Simon)" ගේ "ද බොක්සර් (The Boxer)" නම් වූ බැලඩ් ගීතය ද අතුලත් වන බව සඳහන්ය.[2] ඕලොෆ් බ්ජෝනර් (Olof Björner) විසින්, මෙම ගීතය මාර්තු මස 4 වන දින පටිගත කරන ලද බව වාර්ථා කොට ඇත. එම සැසියේදී එරික් ඇන්ඩර්සන් (Eric Andersen) ගේ ගීත 2 සහ ගෝර්ඩන් ලයිට්ෆූට් (Gordon Lightfoot) ගේ "අර්ලි ඉන් ද මොර්නින් (Early Morning Rain) ගීතයද පටිගත කල අතර "විග්වෑම්" ගීතය "නිව් සෝන්ග් 1" ලෙස පටිගත වාර්තා පත්‍රයේ සඳහන් විය.[3]

1970 මර්තු මස 17 නෑශ්විල්, ටෙනිසී හි පිහිටි කොළොම්බියා පටිගතකිරීමේ ශබ්දාගාරයේදී "විග්වෑම්" සහ තවත් ගීත කිහිපයක් සංගීතවත් කරන ලදී.[2] එහිදී ඩිලන් පෙනී නොසිටිය අතර ජොන්ස්ටන් එහි විය.[4]

මෙම ගීතයේ දී ඩිලන් නළා වාදන[5] කැ‍ටුව යන "ලා-ලා" ලෙසින් වූ මුඛ ඛණ්ඩ ගායනා කරන අතර එම කොටස් "මිරිආචි (miriachi)"[6] සහ "ටෙක්ස්-මික්ස් (Tex-Mex)"[7] නම් වූ ගැමි සංගීත අසුරු කරයි.[8] [9]

එළි දැක්ම

[සංස්කරණය]

"විග්වෑම්" ගීතය සෙල්ෆ් පොට්‍රේට් ඇල්බමය සමඟ 1970 ජූනි මස 8[10] වන දින එළි දක්වූ අතර එම ගීතය ඊට පෙර ජූනි හෝ ජූලි මස එළි දක්වන ලදී.[3][11][12] [1][11] මෙම ගීතය එවකට බෙල්ජියම්,[13] 1972 දී ඩෙන්මාක්,[14] ප්‍රංශය,[15] මලයාසියා,[16] නෙදර්ලන්තය,[1] සිංගප්පූරුව,[17] සහ ස්විට්සර්ලන්තය,[18] යන රටවල් වල ජනප්‍රියම ගීත 10 තුලට ඇතුලත් වූ අතර කැනඩාව[19] සහ ජර්මනිය[20] යන රට වල ජනප්‍රියම ගීත 40 තුලට අතුලත් වීමට සමත් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ''බිලාබෝඩ්'' හොට් 100 (Billaboard Hot 100),[21] ගීත ලැයිස්තුවේ 41 වන ස්ථානයද බිලාබෝඩ් ටොප් 40 ඊසි ලිස්ට්නින්,[22] ගීත ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත් වීමට සමත් විය.

වසර කිහිපයකට පසු, එනම් 2000 මුල් කාලය පමණ වන්නට බොබ් ඩිලන්ගේ ගීත ඇල්බමයක් වූ ද එසෙන්ෂල් බොබ් ඩිලන් (The Essential Bob Dylan) හි "විග්වෑම්" ගීතය අතුලත් විය.[23][24] එමෙන්ම 2001 වසරේ නිකුත් වූ ද රෝයල් ටෙනෙන්බමස් චිත්‍රපටයේ ශබ්දපථය (The Royal Tenebamus (soundtrack))[9] ද මෙම ගීතය වූ අතරම වන් හිට් වොන්ඩස් ඇන්ඩ් හාඩ් ‍ටු ෆයින්ඩ් ක්ලැසික් (2003),[25] රේඩියෝ 2-ද ටොප් කලෙක්ටී '70 වොල්.2 (2010),[26] ටොප් 40 හිටාචීෆ් - 1970 (2011)[27] සහ රිමෙම්බර් ද 70ස් වොල්.5[28] නම් වූ සම්පාදන වලද ඇතුලත් විය.

ඇගයුම

[සංස්කරණය]

සමස්ථයක් වශයෙන් ගීතය සඳහා වූ ප්‍රතිචාර ධනාත්මක විය. බිලාබෝඩ් සඟරාව සමාලෝචනය කරන පරිදි මෙම ගීතය "ජයග්‍රහනයක්" ලෙස වර්ණනා විය.[7] චරිතකථාකරුවෙකු වූ රොබර් ෂෙල්ටන් (Rober Shelton), "විග්වෑම්" ගීතය සෙල්ෆ් පෝට්‍රේට් ඇල්බමයේ,[10] අමතක කළ නොහැකි ගුණාත්මක භාවයෙන් උසස් ගීතයක් ලෙස විස්තර කොට ඇත.[29] එමෙන්ම ඕල් මියුසික් (AllMusic) හි මෙම ගීතය තීව්‍ර කොට දක්වන අතර මයිකල් ග්‍රේ (Michael Gray) එය සෙල්ෆ් පෝට්‍රේට් අල්බමයේ "හොඳම ගීතය" ලෙස වඩා ඉස්මතු කොට දක්වයි.[30] ග්‍රීල් මාකස් (Greil Marcus) ද මෙම ගීතය ගැන සුභවාදී අදහසක් දැරූ අතර එය "ඉතා හොඳ කාර්යයක්" ලෙස සඳහන් කළේය.[8] පොප්මැටර්ස් (PopMatters) ස්ඟරාවේ විචාරකයෙකු වූ ටොම් යූස්ටඩ් පවසන පරිදි මෙය "වටිනාකමට වඩා වැඩි" ගීතයකි.[31] නිව් ම්යුසිකල් එක්ස්ප්‍රස් (NME) සඟරාවේ ලේඛකයෙකු වූ පෝල් ස්ටෝක්ස්, මෙම ගීතය ඩිලන්ගේ බහුශ්‍රැත බාවය පිළිබිබු කරන බව දක්වීය.[32] රසිකයෙකු වූ හීතර් පේරස් පවසන පරිදි ද රොයල් ටෙනින්බමස් චිත්‍රපටයේ ශබ්දපථය වන මෙම ගීතය, චිත්‍රපටය තුල භාවාත්මක වාතාවරණයක් ජනිත කොට ඇත.[9] එමෙන්ම තවත් රසිකයෙකු වූ ෂෝන් ඊගන් පවසන පරිදි, ගීතයේ අතුලත් ඩිලන්ගේ "ලා-ලා" මුඛ ඛණ්ඩ ගීතයේ අතුලත් ඝන (පිත්තල) සංගීත භාණ්ඩ ඛණ්ඩ වලට එකඟ නොවීමට නොහැකි නමුත් "එකඟ නොවීමට නොහැකි" යන්නෙන් ඩිලන්ගේ ගීතයට වටිනාකමක් එකතු වූවායැයි සිතන්නට පුළුවන්.[5]

ර්‍නවාදී විවේචන දෙස අවධානය යොමු කළ කල්හී ලේඛක සෙත් රොගොවොයි පවසන පරිදි "විග්වෑම්" යනු "අශෝභන වචන විරහිත ස්වර තනුවකි".[6] ඇන්තනි වාරෙසි, "විග්වෑම්" ගීතයේ සංගීත ඛණ්ඩ සැකසීම "වැරදි තැන තැබූ නළාවක්" වැයීමකට උදාහරණයක් ලෙස දක්වා ඇත.[33] පිච්ෆෝක් (Pitchfork) සන්නිවේදන ඒකකයේ ලෙඛකයයෙකු වූ රොබ් මිට්චම්, මෙම ගීතය අමිහිරි "පිත්තල කැබැල්ලකින් ඇසෙන ල‍තෝනියක්" ලෙස දක්වා ඇත.[34]

ප්‍රතිනිර්මාණ

[සංස්කරණය]

"විග්වෑම්" ගීතය ප්‍රතිනිර්මාණය කරන ලද කලාකරුවන් ලෙස සැලකූ කල ද නිව් ක්‍රිස්ටි මින්ස්ට්‍රල්ස් (The new Christy Minstrels),[35] සවුන්ඩ්ස් ඔචෙස්ට්‍රල් (Sounds Ochestral),[36] සහ ප්‍රංශ ඔචෙස්ට්‍රා නායකයන් රෙයිමන්ඩ් ලෙෆව්‍රෙ (Raymond Lefèvre)[37] සහ කැරවෙලී (Caravelli) දැක්විය හැක.[38] එමෙන්ම ඩ්‍රා‍ෆි ඩියුට්ස්චර් (Drafi Deutcher) මෙම ගීතය "වීල් ඉච් ඩිච් ලීබ්" ("බිකෝස් අයි ලව් යූ") නමින් ජර්මානු පදවැල් සමඟ ප්‍රතිනිර්මාණය කළ අතර එය 1970 වසරේදී ජ්ර්මනියේ හොඳම ගීත 20 අතරට පමිණීමට සමත් විය.[39]

ගීත දර්ශක

[සංස්කරණය]
ගීත දර්ශකය(1970) ඉහළම
ස්ථානය
බෙල්ජියන් චාට්ස් 9[13]
කැනේඩියන් ආර්.පී.එම් සින්ගල්ස් චාට් (Canadian RPM Singles Chart) 17[19]
ඩච් සින්ග්ල් ටොප් 100 (Dutch Single Top 100) 3[1]
ජර්මන් සින්ගල්ස් චාට්ස් (German Singles Charts) 33[20]
මලයාසියා ටොප් 10 8[16]
ස්විස් මියුසික් චාට්ස් (Swiss Music Charts) 9[18]
යූ.එස් බිලාබෝඩ් හොට් 100 (US Billaboard Hot 100) 41[21]
යූ.එස් බිලාබෝඩ් ටොප් 40 ඊසි ලිස්ට්නින් 13[22]


  1. ^ a b c d Bob Dylan – Wigwam (GfK Dutch Charts)
  2. ^ a b c d Heylin 1995, pp. 77–79
  3. ^ a b c Björner 1996
  4. ^ Heylin 1995, p. 82
  5. ^ a b Egan 2011, p. 175
  6. ^ a b Rogovoy 2009, pp. 131–132
  7. ^ a b Top 60 Pop Spotlight, p. 80
  8. ^ a b Marcus 2010, p. 24
  9. ^ a b c Phares
  10. ^ a b Erlewine: Self Portrait Review
  11. ^ a b Hinton 2006, pp. 412, 418
  12. ^ Portrait Single From LP Hot For Columbia 1970, p. 3
  13. ^ a b Bob Dylan – Wigwam (Belgian Charts)
  14. ^ Hits of the World (1972-03-18), p. 56
  15. ^ Hits of the World (1970-11-28), p. 68
  16. ^ a b Hits of the World (1970-11-07), p. 61
  17. ^ Hits of the World (1970-10-17), p. 66
  18. ^ a b Bob Dylan – Wigwam (Hitparade.ch)
  19. ^ a b Top Singles - Volume 14, No. 1, August 22, 1970
  20. ^ a b Single – Bob Dylan, Wigwam
  21. ^ a b Self Portrait: Billboard Singles
  22. ^ a b Top 40 Easy Listening, p. 58
  23. ^ Bob Dylan – The Essential (Album)
  24. ^ Erlewine: The Essential Bob Dylan Review
  25. ^ One Hit Wonders & Hard to Find Classics: Overview
  26. ^ Radio 2 - De Topcollectie '70 Vol. 2
  27. ^ Top 40 Hitarchief - 1970
  28. ^ Remember the 70s Vol. 5
  29. ^ Shelton 1986, p. 419
  30. ^ Gray 1981, p. 13
  31. ^ Useted 2008
  32. ^ Stokes 2011
  33. ^ Varesi 2002, p. 99
  34. ^ Mitchum 2002
  35. ^ Special Merit Picks, p. 65
  36. ^ Sounds Orchestral – Wigwam
  37. ^ Raymond Lefèvre – Wigwam
  38. ^ Bennett 2006, p. 160
  39. ^ Drafi Deutscher – Weil Ich Dich Liebe

බාහිර සම්බන්දතා

[සංස්කරණය]

සැකිල්ල:Bob Dylan සැකිල්ල:Bob Dylan singles